About me
Dr Anne Perera is a Food and Nutrition Consultant with many years of experience working in several countries around the world. Anne has a BSc (Hons) in Agriculture from the University of Ceylon (Peradeniya)/Sri Lanka (1969), a Masters degree in Food Technology from the FAO International Food Technology Training Centre (IFTTC) at the Central Food Technological Research Institute (CFTRI) in Mysore India and a PhD in Food & Nutrition from Oregon State University in USA. It was while in USA that she got married.
Featured Moment
A glimpse into Dr. Anne’s journey and insights
විද්‍යාවෙන් ලොව දිනා, කවියෙන් හදවත් ස්පර්ශ කළ ආචාර්ය ඈන්: මොරටුවේ සිට නවසීලන්තය දක්වා වූ සුන්දර චාරිකාව 🇱🇰🇳🇿✨ සමහර ජීවිත තියෙනවා, හරියට මුළු ලෝකයක්ම එකම තැනකට ගුලි කරලා වගේ. මොරටුවේ සාමාන්‍ය පවුලක ඉපදිලා, ලෝකයේ මහාද්වීප ගණනාවක පෝෂණවේදය පිළිබඳ සලකුණු තැබූ ආචාර්ය ඈන් පෙරේරා කියන්නේ එවැනි අභිමානවත් ශ්‍රී ලාංකික කාන්තාවක්. ආචාර්ය උපාධිධාරී විද්‍යාඥවරියක්, මනෝ උපදේශිකාවක් වගේම සම්මානනීය කවියෙක් විදිහට ජාත්‍යන්තරය දිනූ ඇයගේ කතාව, හුදෙක් සාර්ථකත්වයේ කතාවක්ම විතරක් නෙවෙයි, ඒක මනුෂ්‍යත්වය සහ සේවය වෙනුවෙන් කැපවුණු දීර්ඝ ගමනක්. ඇයගේ ඒ අපූර්ව අත්දැකීම් සමුදාය Lak Kiwi අපිත් එක්ක මේ විදිහට බෙදාගත්තා. 🌍 ලංකාවෙන් පටන් අරගෙන ඉන්දියාව, අමරිකාව, බ්‍රසීලය, සිංගප්පූරුව හරහා දැන් නවසීලන්තයේ නතර වෙලා. 🇱🇰🇮🇳🇧🇷🌎 ඉතිං ඒ ලෝකය වටා ගිය ගමන ඇය අද ඉන්න පූර්ණ පුද්ගලයා බවට පත් කරන්න බලපෑවේ කොහොමද කියලයි අපි මුලින්ම ඇහුවෙ. "ඔව් මම 1970 අවුරුද්දෙ (MSc එකට) ලංකාවෙන් ඉන්දියාවට, ඉන්දියාවෙන් අමරිකාවට (PhD), අමරිකාවෙන් බ්‍රසීලයට, බ්‍රසීලයෙන් 1981 දී නවසීලන්තයට ඇවිල්ලා වසර 20ක් විතර සේවය කරලා ඊට පස්සෙ 2000 අවුරුද්දෙ සිංගප්පූරුවට ගිහින් අවුරුදු 4ක් එහෙ සේවය කලා, තවත් වසර කිහිපයක් ටැන්සානියාවේ ස්වෙච්ජා සේවයේ නිරතවෙලා අවසානෙට ආයෙත් නවසීලන්තෙ ඉන්නෙ. ආපහු හැරිලා බලද්දී මටම හිතෙනවා මේක ලෝකෙ වටේ ගිය ගමනක් කියලා. ඒ වගේම මට හිතෙනවා මගේ ජීවිතයට එන ඕනෑම තත්වයක් පිළිගන්න මට මේ හැම අත්දැකීමක්ම උදව් වෙලා තියෙනවා. ඒ වගේම ඒ ඒ සංස්කෘතීන්ට හැඩ ගැහෙන්න, වෙනස් මිනිස්සු එක්ක වැඩ කරන්න කිසිම බාධාවක් නැතුව පුළුවන් වෙලා තියෙනවා." 🇧🇷 1977 දී බ්‍රසීලය වැනි හාත්පසින්ම වෙනස් රටක, අලුතින්ම 'ආහාර විද්‍යා දෙපාර්තමේන්තුවක්' බිහි කරන්න ආචාර්ය ඈන් පුරෝගාමී වුණා. ශ්‍රී ලාංකික කාන්තාවක් විදිහට, එවැනි අභියෝගයක් ජය ගත් අයුරු ඇය විස්තර කළේ උපතින් කතෝලිකයෙකු වූ තමන් සිය ආගම මුල් කර ගත් ජීවන දර්ශනයක සිටීම ඒ සඳහා ප්‍රධානවම උදව් වූ බව පවසමිනුයි. "මම මාස හයක ගැබිනියක් විදිහටයි බ්‍රසීලයට සංක්‍රමණය වුණේ. නන්නාදුනන රටක, සියල්ල අලුත් පරිසරයක පළවෙනි දරුවා ඇති දැඩි කරගෙන තමයි අනිකුත් කටයුතු කරන්න වුණේ. බ්‍රසීලයේදී අපිට පෘතුගීසි භාෂාව ඉගෙන ගන්න සිද්ද වූණා. ඒ විතරක් නෙවෙයි ලොන්ඩ්රිනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ (State University of Londrina) දේශන පැවැත්වීම පෘතුගීසි භාෂාවෙන් තමයි කලේ.” "බ්‍රසීලයේදී සිද්ධ වෙච්ච තවත් විශේෂ දෙයක් තමයි මට මගේ දරුවා ලැබුණු වෙලාවේ, එහේ හිටපු හෙදියක් මගෙන් ඇහුවා මව්කිරි දිය නොහැකි වෙනත් මවකගේ දරුවෙකුටත් මව්කිරි දෙන්න පුළුවන්ද කියලා.🤱 දරුවෙකුට මුලින්ම ලැබෙන මව්කිරි (Colostrum/රන්කිරි) කොච්චර වටිනවද කියලා දැනගෙන හිටපු නිසා, මම ඒ පුංචි ගැහැණු දරුවාට මව්කිරි දෙන්න කැමති වුණා. (ඒ දරුවා ජපාන සම්භවයක් තියෙන දරුවෙක්. මොකද දකුණු බ්‍රසීලයේ ජපාන ජාතිකයෝ ගොඩක් ඉන්නවා). මට එයාගේ නම හෝ විස්තර හොයාගන්න තිබුණා නම් කියලා අදටත් හිතෙනවා. ඒ කියන්නේ 1977 ජූලි 5 වගේ කාලෙක ඉපදුණු, දැන් අවුරුදු 50කට ආසන්න ජපාන සම්භවයක් තියෙන බ්‍රසීල ජාතික කාන්තාවක් ඉන්නවා මගේ කිරි බීපු. කවදා හරි දවසක ඇයව මුණගැහෙන්න ලැබෙනවා නම් මම ගොඩක් කැමතියි!"🥹💔 ✍️ ඔබ ලියූ 'Nutrition 2000' සහ 'Hot Potatoes & Cool Bananas' පොත් හරහා ඔබ සමාජයට ලොකු සේවයක් කළා. කාර්යබහුල නවසීලන්තයේ ඉන්න අපේ ලාංකිකයන්ට, 'නීරෝගී ජීවිතයක්' වෙනුවෙන් ඔබ දෙන සරලම උපදෙස් මොනවාද? "සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ශරීරය, ආත්මය හා ආධ්‍යාත්මය (Body, Soul, Spiritual) කියන අංශ 3 පෝෂණය කරන ආකාරය අනුව නීරෝගී ජීවිතයකට ලඟා වෙන්න පුළුවන්. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, විටමින්, මිනරල්ස්, ජලය නියමිත ලෙස ලබා ගනිමින් සමබල ආහාර වේලක් ගැනීමෙන් වගේම ව්‍යායාම ලබාදීමෙන් ශරීරය පෝෂණය කරන්න පුළුවන්. ඇතුලාන්ත ගතිගුණ පුරුදු පුහුණු කිරීමෙන් ආත්මය පෝෂණය කර ගැනීමට කටයුතු කරන්න ඕනෙ. තමන්ගෙ ආගම් හා දර්ශන මේ සඳහා උදව් කර ගන්න පුළුවන්. මේ දෙකේම උදව්වෙන් ආධ්‍යාත්මික පෝෂණය ඇති කරගන්න පුළුවන්." 🎓 PhD එකක් තියෙන විද්‍යාඥවරියක් වෙලත්, පස්සේ කාලෙක MBA එකක් සහ මනෝවිද්‍යාව (Counselling Psychology) ගැනත් හැදෑරුව ඇගෙන් අපි ඇහුවා හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන්නෙ මොන වගේ කුතුහලයක්ද කියලා. "පුංචි කාලෙ අම්මගෙන් ඇහිච්ච දෙයක් තමා 'උගත මනා ශිල්පයමයි මතු රැකෙනා'. ඉතිං මට දෙයක් ඉගෙනගන්න ලැබෙන කිසිම අවස්ථාවක් මඟ හැර ගන්න මට ඕනෙ උනේ නෑ. දෙවියන් වහන්සේ මට ලබා දෙන අවස්ථා කියලා ඒවා බාර ගන්න මට හිතෙනවා. වෘත්තීය සමබරතාවයට MBA එකක් කලොත් හොඳයි කියලා හිතුන නිසා ඒක කලා. ඒ වගේම පොඩි කාලෙ ඉදන් මිනිස් හැසිරීම් ගැන තිබ්බ කුතුහලය නිසා තමයි උපදේශන මනෝවිද්‍යා ඩිප්ලෝමා එකක් කලේ. මම මැරෙන්න කලින් මගේ ජීවිතයෙන් තව කාගෙ හරි ජීවිතයකට දෙයක් එකතු කරන්න ලැබෙන එක ලොකු සතුටක්." 👩🔬🧬 විද්‍යාව කියන්නේ තර්කයක්, කවිය කියන්නේ හැඟීමක් 🎶 මේ දෙක පෑහෙන්නේ කොහොමද කියලත් කාව්‍යකරණය කාර්යබහුල ජීවිතයට කොයි වගේ සහනයක්ද කියලත් ඇයත් සමඟ කතා කලා. "මට කාලයක් Mount Taranaki ප්‍රදේශයේ රැකියාව කරන්න සිද්ද වුණා. මම හිතනවා ඒ කඳු පන්තිය තමයි මාව කවි ලියන්න පෙළඹෙව්වෙ කියලා. ඒ කාලෙ මගෙ stepfather ගෙ අහිමිවීමත් එක්ක මට මතක් වුණා ලස්සන මතකයක්. මං අදටත් හිතන්නෙ මට කවි ලියන හැකියාව ආවෙ ඔහුගෙන් කියලා.මම ප්‍රකාශයට පත් කරපු තුන්වෙනි පොත ‘Thank you for being my father' ලියවෙන්නෙත් ඔහු වෙනුවෙන්. ඒක මගේ Autobiography එහෙමත් නැත්නම් මගේ ජීවිත කතාව ඇතුළත් පොතක් වුණා.එහි මගේ කවි කිහිපයක් ඇතුළත් වෙලා තියෙනවා” 👵 වයස අවුරුදු 65 දී, විශ්‍රාම සුවයෙන් ඉන්නවා වෙනුවට ටැන්සානියාවේ ස්වේච්ඡා සේවයට යොමු වෙන්න ගත් තීරණය හා ඒ අත්දැකීම් ඇගේ ජීවිතයට එකතු කළේ මොන වගේ වටිනාකමක්ද කියලත් කතා කරන්න අමතක කළේ නැහැ. "රස්සාවෙන් විශ්‍රාම අරන් නිදහසේ ලියන්න කියලා හිතාගෙන මම ලංකාවට ගියා. ඒත් ඉතිං හිතපු තරම් සාර්ථකව ඒ වැඩ ටික කරගන්න උනේ නැහැ. ඒ අතරෙදි තමයි හස්බන්ඩ් දැකලා තිබ්බෙ Tanzania Volunteer Service Abroad එකෙන් දාලා තියන Food Scientist වේකන්සිය. ඉතිං ඊට පස්සෙ ඒකට අයදුම් කරලා යන්න අවස්ථාව ලැබුණා. ටැන්සානියාවෙදි ගොඩක් මතකයන් එකතු කරගන්න ලැබුණා. ඒ අතර කෙසෙල් මුව ව්‍යාංජනය, candied peel, මුරුංගා නිෂ්පාදන සිදු කිරීම අමතක කරන්නම බැරි මතක. ඒ අත්දැකීම් එක්ක මමත් වැඩුනා කියලා හිතෙනවා." 🏆 ඔබේ සේවය අගය කරමින් ලැබුණු MNZM ගෞරව නාමය ගැන අපිට ඇත්තටම ආඩම්බරයි. වසර ගණනාවක ඔබේ මේ කැපවීම දෙස ආපසු හැරී බලද්දී අද ඔබට මොකද හිතෙන්නේ? "මගේ ආසාව උනේ මම දක්ෂ, කැමති දෙයින් මට විතරක් නෙවෙයි හැම දෙනාටම සේවයක් සලසන්න. ඒ දේ ඒ විදියට කරගත්තු නිසා මම හිතනවා මට දේවල් වැඩියෙන් හම්බුනා කියලා. 👵විශ්‍රාම සුවයෙන් පසු වුවත්, ඇයගේ හදවතේ වසර 10ක් පුරා මෝරන තවමත් හෙළි නොකළ 'සිහින ව්‍යාපෘතියක්' තිබේ.💭 ඇය පවසන්නේ ඇගේ හුස්ම පවතින තෙක්ම තවත් කෙනෙකුට ජීවිතය දිනන්නට ආදර්ශයක් වීම ඇගේ එකම අරමුණ බවයි. “My motto in life is 'I aspire to inspire before I expire" ✨ 🥝 නවසීලන්තයේ තමන්ගේ හීන හඹා යන ශ්‍රී ලාංකික කාන්තාවන්ට සහ තරුණ පරපුරට, ඔබේ ජීවිත අත්දැකීම් ඇසුරෙන් දෙයක් කියමුද? "ඒ කාලෙ වගේ නෙවේ දැන් හැමදේටම ලොකු තරගයක් තියෙනවා. හැම තිස්සෙම තමන්ගෙ skills polish කරගන්න බලන්න. මම නවසීලන්තෙට ආව කාලෙ ස්වේච්ඡා වැඩවලට සම්බන්ධ වුණා. පුද්ගලයන් හඳුනගන්න, අවස්ථාව ලබා ගන්න ඒ හරහා පුළුවන් වුණා. අනිත් අයට ඔබ ගැන විශ්වාසය ඇතිවෙන විදියට වැඩ කරන්න කියලා තමා කියන්න තියෙන්නෙ." අවසානයේ ඇය අප සමඟ කියා සිටියේ මෙතෙක් හෙබවූ සියළු භූමිකාවන් අතුරින් වැඩිපුරම තෘප්තිමත් වන්නේ මව් පදවිය තුළින් බවයි. 🤱 ඇගේ ජීවිතය හරියටම ඇය ලියූ සම්මානනීය පොතක් වගෙයි. 📚✨ ඉතිං ආචාර්ය ඈන් පෙරේරා මහත්මියට ලක් කිවී (Lak Kiwi) අපි හදවතින්ම සුබ පතමු! 🇱🇰🇳🇿✨ ආචාර්ය ඈන් පෙරේරා මහත්මියගේ සේවාවන් සහ තොරතුරු පිළිබඳ වැඩිදුර දැනගැනීමට ඇයගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න: 🌐 www.anneperera.co.nz මේ වගේ තවත් චරිත කියවන්න දිගටම Lak Kiwi අපිත් එක්ක එකතු වෙන්න. #lakkiwinews #sathiyetharuwa #newzealand #srilankans #dranneperera See less
Special thanks to Lak Kiwi News for publishing this video on facebook.